Maxwrote

සඳ කැන් වැසිලා ..

සඳ කැන් වැසිලා ..
සඳ කැන් වැසිලා .. Max Nayana

ඝණ කලුවර රාත්‍රිය චන්ද්‍ර කින්නරිය වෙලා ගෙන ඇත. ඒත් මගේ ලොව ඝණ අන්ධකාරයෙන් වෙලී ඇත. මට තනිකමක් නැත. ව්‍යංගයෙන් නැත කීවද ඇත්තටම මා තනි වී ඇත. සඳ කිරණ මුලු ලොවම වෙලාගත් මේ දවස පුර පසලොස්වක වුවද. මට මාසෙ පෝය වැනිය. කවියා හිතේ තුනී කරගත් දුක ව්‍යංගයෙන් සැ‍ඟවීමට ස්භාවධර්මය උපමා කර ඇත. වික්ටර් රත්නාකයන්ගේ ගායනයට පද මුසුව ආදරණීය ප්‍රේම් නැත්නම් ප්‍රේම කීර්ති ද අල්විස් නම් ගාන්ධර්වයාගෙනි. ගද්‍ය රචනාවකට පාදක වන අත්දැකීම හුදෙක් පදරචකයාගේ පෞද්ගලික දෙයකි. නැතිනම් නිර්මාණශීලී රචකයාගේ මනෝභාවයක් හෝ තවත් අයෙකුගෙ අත් දැකීමක් විය යුතුය. අත් දැකීම කාගෙ වුවද කම් නැත. අවසායේ බිහි වූයේ හෙල සාහිත්‍යට සුභාවිත ගීතයකි. ඝන‍‍ඳුරේ තරු නිමුවද මට එකම එලියක් ඇත. සොඳුරිය ඒ එළිය ඔබයි.
සඳකැන් වැසිලා ...
අඳුරේ එතිලා...
ඝනදුරු රෑ ...තනිකම නෑ...
සොයා එන්න ඝනඳුරු තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණයි..

මගෙ ජීවිතය සන්තකයටම ඇති එකම සතුට ඔබයි. මා දකින්නේ ලොව මිනිසෙකු දැකීමට අකමැතිම දසුනකි. මට ඇති එකම සුවයට හී සර පහරක් වදී . ලස්සන එළිසමයක් තුල ඒ අසුන්දර අත් දැකීම නිර්මාපකයා සුන්දර ලෙස දිග හරියි.

"මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු"

මට ඇති එකම සතුට, ඒ ඔබගේ ඇස් මගෙ අසල් වැසියෙක් සමඟ දොඩමලු වෙයි. සාම්ප්‍රදායික මෙන්ම උපාසක පිරිමින් ජීවත් වූ මේ වකවානුවේ. ඉවසීම ප්‍රගුණ කර ඇති කවියා. තමාගේ ප්‍රිය සොඳුර තවත් අසල්වාසී පිරිමියෙකු සමඟ මුහුණින් මුහුණ බලා තම යහනේ සිටිනු දකියි. තම ස්වාමි පුරුෂයාට වඩා හොර මිනිහා සමඟ තණකොල බිස්සෙ ලබන පහස උතුම් යැයි සලකන ගැහැණුන් ද සිටින සමාජයක ( පෙර පඬිවරුන් මෙසේ පවසා ඇත) තමා මුහුණ පෑ තම ජීවිත කටුක අත් දැකීම සාමාන්‍යකරණීය කරන ප්‍රේමි නම් විශිෂ්ට කවියා. තම නිර්මාණය උසස් අන්ධමින් පාඨක අපවෙත උසස්ම රසයකට මනා එලි වැටකින් ඉදිරිපත් කරන්නේ තම නිර්මාණ හැකියාවට උච්චතම සාධාරණීකරණයක් ඉටු කරමින.

ජීවිතයම සතු එකම සුවේ
හී සර පහරක වෙළෙනු  පෙනේ..
මේ ලොව මා සතු
ඈ සතු ඒ නෙතු.
අසල්වාසීයෙකු සොයනු දැනේ......

මා නැත අන් සතු සිත් බිඳලා...
දෑතම බැඳගෙන හිඳිමි බලා...
මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
රහස් අහස් තලයට පවරා...

ඒ ඔබගේ කොලිටියයි. මා හට වෙන ගැහැණුන් සමඟ සංවාසයේ යෙදීමට බොහෝ අවස්ථා උදාවෙයි. අරාධනා ද ව්‍යංග වශයෙන් ලැබී ඇත. මාගෙ ධර්මයට අනුව අනුව වැරදි කාම මිත්‍යාචාරය යනු සිල් පද කැඩීමකි.

දෑතම බැඳගෙන හිඳිමි බලා.

ඔබ තුන්වන සිල් පදය කඩකර අවසානය. ඔබ කරනා දේවල් ඔබ අරං යයි. සොඳුර එය උපේක්ෂාවෙන් දැක නිහඬව සිටීම මගේ අධ්‍යාත්මය තවත් උසස් තැනක පිහිටු වීමට කරන වෑයමකි. සිදු වූ දේ සිදු වී අවසානය. තව දුරටත් ඔබ මගේ බිරිඳමය.
මගේ එළිය අද ඔබ පමණි යන්න ආරම්භයේ  "අද" යන්නෙන් පවසන්නේ හෙට තවත් එළියක් සොයා ගැනීමටද හැකිය යන්නය.
අප මෙලොවින් වෙන් වෙනා තුරා මේ රහස රැක වෙන් වෙන දින ද අහසට පවරා වෙන් වෙමු.
ආදරණීය සැමියෙක් වරදේ බැඳුණු තම බිරිඳට පවසයි..

කොමෙන්ට් තුල ඔබගේ අදහස් ප්‍රකාශ කරන්න..

මම  කාගෙත් ආදරණීය

***"මැක්ස් නයන"***

Subscribe to "Maxwrote" to get updates straight to your inbox
Max Nayana

Subscribe to Max Nayana to react

Subscribe
Subscribe to Maxwrote to get updates straight to your inbox